May 19, 2019

එජාප මන්ත්‍රීවරු 46 කට ලක්ෂ 2ක අලුත් දීමනාවක් ? Featured

එක්සක් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 46 දෙනකු සඳහා මාසෙකට රුපියල් ලක්ෂ දෙක බැගි ප්‍රවාහන දීමනාවක් ලබා දීමට ඇමති මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව පැවසේ.

ව්‍යාපෘතිය ඇමැතිවරුන් ලෙස නම් කර මෙම මුදල බෙදා දීමට කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

කෙසේවුවද, පසුගිය වසරේ මෙසේ මන්ත්‍රීවරුන් 57 දෙනෙකුට මුදල් බෙදා දී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කර තිබිණි.

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදු කළ දේශපාලන කුමන්ත්‍රණයෙන් පසුව ඔවුන්ට එම මුදල් ගෙවීම අත්හැර දමා ඇති බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් අප රජයේ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් විමසීම් කළ අතර ඔවුන් එවැන්ක් ගැන නොදන්නා බව කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top