May 19, 2019

ගෝඨා රහසින් ඇමරිකාව හා අත්සන් කළ ගිවිසුම යළි අලුත් කරලා? Featured

ශ්‍රී ලංකා විසින් ඇමෙරිකාව සමග 2007 වර්ෂයේ අත්සන් කර 2017 වර්ෂය කල් පිරුණු ඇක්සා (ACSA) ගිවිසුම නැවත වතාවක් අලුත් කිරීමට වැඩි ප්‍රවණතාවක් ඇති බව රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අජිත් කොලොන්නේ මහතා කියා සිටී.

ඒ මහතා රාවය පුවත්පත වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ වර්තමානයේ රටේ උද්ගතවී ඇති තත්ත්වය ඊට හේතු විය හැකි බවය.

අමාත්‍යමණ්ඩල කාර්ය වෙබ් අඩවියේ 2017-07-11 දින ඇතිමණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය යටතේ සඳහන් වන්නේ මෙම ගිවිසුම අලුත් කිරීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බවයි.

ඇක්සා (Acquisition and Cross - servicing Agreement) නැතහොත් අත්කර ගැනීමේ හා රහස් සේවා නම් මෙම ගිවිසුම ඇමෙරිකානු රජය විසින් අත්සන් කරනු ලබන්නේ සිය රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව සිදුවන කටයුතු සඳහා සහ අධිකරණමය කටයුතු සඳහා බලපැවැත්වෙන පරිදි ය.

එම ගිවිසුම යම් රටක් සමග අත්සන් කළ විට එම රට විසින් ඇමරිකාව සීමිත මෙහෙයුම්වලදී පහසුකම් සැපයිය යුතුය.

එහිදී පහසුකම් ලෙස අදහස් කරනුයේ මෙහෙයුම් වලදී අවශ්‍ය නම් ගුවන් යානා සහ නාවුක යාත්‍රා සඳහා ඉන්ධන සැපයීම, එම රටවල ඇති වරාය සහ ගුවන් තොටුපළවල් මෙන්ම මුහුදු සහ ගුවන් සීමා භාවිතය, දාල රටට සාමසාධක හමුදා යැවීම වැනි කාර්යයන් සඳහා අවශ්‍ය කරන සහයෝගය ලබාදීම, සාමූහික යුද අභ්‍යාස කිරීම වැනි කරුණු ය.

ශ්‍රී ලංකාව විසින් මෙම ගිවිසුම මුල් වතාවට අත්සන් කරනු ලැබුවේ 2007 වසරේදී එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. එම අවස්ථාවේදී මෙරට ඇමරිකානු තානාපතිවරයාව සිටියේ රොබටෝ ඕ බ්ලෙක් මහතා ය.

කොලොන්නේ මහතා පවසා ඇත්තේ මෙහි ගිවිසුමට අත්සන් කිරීම සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් ප්‍රසිද්ධියට පත්කර නොමැති අතරම එය අත්සන් කර ඇත්තේ ද ඉතා රහසිගත බවයි.

කෙසේවුවද මෙවැනි ගිවිසුමක් පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් නොකොට අමාත්‍යාංශ ලේකම්වරයෙකු විසින් අත්සන් තැබීම ගැටළු සහගත බව ද කොලොන්නේ මහතා පවසා තිබේ.

මහින්රාද ජපක්ෂ මහතා රට පාලනය කරන සමයේ දී ඉන්දීය සාගරයේ පැවැති යුද පුහුණුව ඇමරිකානු ගුවන් යානා මෙරට ගුවන් සීමාවට ඇතුළු වූ විට ඒ පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇති වුවද එවකට පැවැති රජය ඒ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පවා වැළකී සිටි බවද ඔහු කියා සිටී.

මේ අතර එම ගිවිසුම නැවත තිබේදැයි මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් විද්‍යුත් තැපෑල ඔස්සේ විමසීමක් සිදු කළද ඊට පිළිතුරු ලබාදීමට ඔවුන් කටයුතු කර නැති බවද මේ අතර වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top