May 19, 2019

ඉඩි අමින්, මැන්ඩෙලා, ඔබාමා ලංකාවේ සොයයි Featured

නෙල්සන් මැන්ඩෙලා, ඉඩි අමින්, ඩුටර්ටේ (පිලිපීන ජනාධිපති), බැරක් ඔබාමා වැනි ලෝ ප්‍රකට පුද්ගලයින්ගේ රුවට සමානකමක් ඇති අය ලංකාවේ සිටී දැයි සොයමින් සිටින බව වාර්තා වේ.

මේ සොයා බැලීම සිදුකරමින් සිටින්නේ ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මහතා විසිනි.

ඒ තවත් වෙනස් සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත ගෙනඒම සඳහාය.

එවැනි පෙනුමක් ඇතොත් වහාම මේ දුරකථන අංකයට 0770070614 අමතන ලෙසද උදයකාන්ත මහතා කියා සිටී.

ඔහුගේ නවිතම සිනමාපටයේ රංගනය සඳහා සනත් ගුණතිලක, ශ්‍රියන්ත මෙන්ඩිස්, ලකී ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, ගිහාන් ප්‍රනාන්දු, රොඩ්නි වර්ණකුල, ඩබ්ලිව්. ජයසිරි, චුලක්ෂි රණතුංග, ප්‍රියන්ත සෙනෙවිරත්න, ගිරිරාජ් කෞශල්‍ය, ධර්මප්‍රිය ඩයස්, රවීන්ද්‍ර යසස්, කුමාර තිරිමාදුර, ආදී නළු නිළියෝ මේ වනවිට තෝරාගෙන සිටිති.

ජයනාත් ගුණවර්ධන කැමරා අධ්‍යක්ෂවරයාය ලෙස මෙහි කටයුතු කරන අතර එහි සංස්කාරක වන්නේ ප්‍රවීන් ජයරත්නය. ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය ලෙස කටයුතු කරන අතර කතාව, දෙබස්, තිර රචනය සහ නිෂ්පාදනය ද එහි අධ්‍යක්ෂ උදකාන්ත විසින්ම සිදුකර තිබේ.

උදයකාන්ත අධ්‍යක්ෂණය කළ 24 වැනි සිනමා නිර්මාණය ගින්දරී 2 මෙම වසරේදී තිරගතවීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top