May 19, 2019

පාර්ලිමේන්තුවට වුණදේ හොයන්න තේරීම් කමිටුවක් ! Featured

පසුගිය දශක කිහිපය තුළ ජනතාව අතර අසීමිත ලෙස උත්තරීතර පාර්ලිමේන්තුව හා එහි සිටින්නන් පිරිහීම සම්බන්ධයෙන් සෙවීමට තේරීම් කමිටුවක් පත්කළ යුතු බවට ජාතික මග මහජන සමුළුවෙදී කියා සිටි පරිදිම මේ දිනවල ඊට වටපිටාව සකසමින් සිටින බව ජාතික මඟ කැඳවුම්කරු නීතීඥ රවී ජයවර්ධන මහතා පැවසීය.

රටේ ආරක්ෂාව, අධ්‍යාපනය හා මාධ්‍ය යන මූලිකාංග ඇතුළු කාරණා ගණනාවකට ජාතික ප්‍රතිපත්තියක් නොවීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීමට මේ දිනවල පක්ෂ විපක්ෂ දේශපාලඥයන් වියතුන් හා ආගමික ප්‍රධානින් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

ඔහු පෙන්වා දුන්නේ මාධ්‍ය ආයතන වෙත බලපත්‍ර ලබාදෙන්නේ ඒවා දේශීත්වයෙන් පවත්වාගෙන යාමට උවද මාධ්‍ය හිමිකරුවන් ඒවා සඳහා විදේශීය වැඩසටහන් පුරවමින් ඒවා මුදල් ඉපැයීමේ අපේක්සාවෙන්ම පවත්වාගෙන යන බවයි. මැලේසියාවේ විදෙස් වැඩසටහන් යෙදිය හැක්කේ 15%ක් බවත්, එය පාකිස්තානයේදී විදෙස් වැඩසටහන් 10%ක් ලෙස සීමා කර ඇති බවත් පෙන්වා දුන්නේය.

එසේම අධ්‍යපානය සම්බන්ධයෙන් කතා කිරීමේදී ෂර්යා පාසල් පමණක් නොව කිසිදු ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර පාසල් සඳහාද ප්‍රතිපත්ති සැකසිය යුතු බව ඔහු කියා සිටියේය. එම පාසල් වලින් අධ්‍යාපනය ලබන්නන් භාෂාව, ආගම හෝ සංස්කෘතිය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා නොගන්නා බවත්, ඉදිරියේදී මේ රට පාලනය කරනු ලබන්නේ ඔවුන් විසින් බැවින් ඒ සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කිරීමට දැන් කාලය පැමිණ ඇති බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top