May 21, 2019

ලංකාවට යුද ආධාර නොදෙන බව බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂ නායකයා කියයි (වීඩියෝ) Featured

දෙමළ ජනතාව මර්දනයට සහ මුස්ලිම් විරෝධී ප්‍රහාරවලට සහාය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා ලබන ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල ප්‍රයෝජනය සඳහා යුද්ධාධාර සැපයීම අත්හිටුවීමට තම නායකත්වය යටතේ වන අනාගත ආණ්ඩුවකින් පියවර ගන්නා බව බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂ නායක ජෙරමි කෝර්බින් මහතා කියයි.

යුද්ධයේ ජනසංහාරය සිහිපත් කරමින් ලන්ඩනයේ දෙමළ තොරතුරු මධ්‍යස්ථානය (TIC) විසින් දෙදිනක් පුරා පැවැත්වූ ප්‍රදර්ශනයකට සහභාගි වෙමින් සිටියදී ගගන සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පවසා තිබේ.

එහිදී රජයේ ආරක්ෂක විසින් වධහිංසා කරනු ලබන බවට නැගෙන චෝදනා මධ්‍යයේ දේශපාලන රැකවරණ පතා එන පුද්ගලයන් ආපසු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය විපක්ෂ නායකයා සිය විරෝධය පල කර ඇත.

පාස්කු ඉරිදා ඝාතන මෙන්ම ඉන් අනතුරුව දියත් වුනු මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ද දැඩි ලෙස හෙලා දුටු ජෙරමි කෝබින් දස වසරකට ඉහත සිදුවූ දෙමළ ජනඝාතන මෙන්ම අදත් සිදුකෙරෙන බවට චෝදනා නැගෙන වධහිංසා සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිර්බාධිතව ශ්‍රී ලංකාවට ඇතුල් වීමට අවසර ලබා ගැනීමට බ්‍රිතාන්‍යය ක්‍රියාකාරීව මැදිහත් විය යුතු බවද ඔහු එහිදී අවධාරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය පුහුණුව ලබන විදේශීය හමුදා පොලිස් බලඇණි එරටින් ආනයනය කරන අවි ආයුධ මර්දනය සහ පීඩනය සඳහා යොදාගැනීම දැඩි ලෙස හෙලා දැක ඇති ලේබර් පක්ෂ නායක ජෙරමි කෝර්බින් මහතා අවි අපනයන බලපත්‍ර ලබාදීමේදී දැනට වඩා දැඩි සීමා අනුගමනය කළ යුතු බවද පවසා ඇත.

දශක ගණනාවක සිට සංවිධානාත්මක ලෙසින් සිදුවූ දෙමළ ජනඝාතන වර්ග සංහාරයක් දැයි විභාග කොට තහවුරු කිරීම ජාත්‍යන්තර අධිකරණයක් විසින් සිදුකළ යුත්තක් බව ඔහු වැඩිදුරටත් එහිදී සඳඑන් කර තිබේ.

via ytCropper

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top