May 21, 2019

පාස්කු ප්‍රහාරයේ තවත් 3ක් දැලේ

අප්‍රේල් මස 21 පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ තවත් තිදෙනෙකු අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස බෝම්බ ප්‍රහාරයට සම්බන්ධතා පැවැත්වු බවට බුද්ධි අංශ වෙත ලද තොරතුරු අනුව අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

සැකකරුවන් තිදෙනා කල්මුණේ ප්‍රදේශයේදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top