May 21, 2019

සහ්රාන් මියගිය බව DNA පරීක්ෂයෙන් සනාථ කෙරෙයි ! Featured

ෂැංග්‍රිලා හෝටලයේ පිපිරීමෙන් මිය ගිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ජාතික තවුහිත් ජමාද් (NTJ) නායක මොහමඩ් සහ්රාන් හෂීම් බව ඩීඑන්ඒ පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

මොහොමඩ් සහ්රාන්ගේ දියණිය සහ ඔහුගේ බිරිඳ හා සොහොයුරිගේ ඩීඑන්ඒ සමඟ දින ගණනාවක් සිදු කරන ලද ජීව විද්‍යාත්මක පරීක්ෂණ වලින් පසුව මෙය තහවුරු කරගෙන් ඇති බවද පැවසේ.

මෙම පරීක්ෂණයට අදාළ වාර්තාව අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.

පසුගිය පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ලකරන ලද්දේ ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හා ඉල්හාම් මොහොමඩ් ඉබ්රාහිම් යන දෙදෙනා විසින් බවට ජාතික බුද්ධි අංශ වෙත ලැබී තිබූ තොරතුරු සනාථ කර ගැනීමට මෙම ඩීඑන්ඒ පරීක්ෂණ පවත්වන ලදී.

මේ අතර, රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ්, මඩකලපුවේ සියොන් පල්ලිය සහ දෙහිවල ට්‍රොපිකල්ඉන් යන ස්ථානවලට ප්‍රහාර එල්ල කළ අය සම්බ්නධ ඩීඑන්ඒ වාර්තා ද ලබාදීමට නියමිත බව පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top