May 21, 2019

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳාම නවතියි ! Featured

පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳාම තාවකාලිකව ඇනහිට ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

පාකිස්තාන ව්‍යාපාරික සංසදයේ සභාපති අස්ලම් පබාලි පවසා ඇත්තේ පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට හාල් හා රෙදිපිළි ආනයනය නැවතී ඇති බවත්, පාකිස්තාන අල අපනයනය කිරීමද අඩු වෙමින් පවතින බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පකිස්ථානයෙන් නිෂ්පාදන ආනයනය කරනු ලබන්නේ ‍ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට බවත්, ඔවුන් ඒවා ශ්‍රී ලංකාවේ අලෙවි කරන බවත්, බොහෝ විට ඔවුන් පාකිස්තානු අපනයනකරුවන්ගේ හවුල්කරුවන් වන බවත්, මේ වනවිට පාකිස්තානයෙන් අපනයනය කළ භාණ්ඩ ගොඩ නොබාන බවත්, එසේම ආනයනකරුවන් එම භාණ්ඩ නිදහස් නොකර ගැනීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව ද ඔහු පවසයි.

තමා පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවේ තානාපතිවරයා සමඟත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි ද ඔහු හෙළිකර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයේ ආනයනකරුවන්ට ඩොලර් බිලියන 30ක පමණ මුදලක් අය විය යුතුය ඇති බව ද හෙළිකර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top