ආරක්ෂක තාක්ෂණය පිළිබඳ ජාතික විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයන් විසින් නිපදවූ මෙහෙයුම් පද්ධතියක් වන කීලින් හි නම යොදා ඇත්තේ චීනයේ මිත්‍යාමය සත්ත්වයෙකු ලෙස සැලකෙන 'චීලින්' ඇසුරෙනි. ආරක්ෂක තාක්ෂණය පිළිබඳ ජාතික විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයන් විසින් නිපදවූ මෙහෙයුම් පද්ධතියක් වන කීලින් හි නම යොදා ඇත්තේ චීනයේ මිත්‍යාමය සත්ත්වයෙකු ලෙස සැලකෙන 'චීලින්' ඇසුරෙනි.
May 22, 2019

"අප මූල තාක්ෂණය ප්‍රගුණ කළා" Featured

චීනය විසින් මූල තාක්ෂණය (Core of Technology) ප්‍රගුණ කර එය සම්පූර්ණයෙන්ම ජයගෙන ඇති බව චීනයේ ටියැංජින් - ජොංගුවාත්සුන් විද්‍යා උද්‍යානයෙහි කළමණාකරණ හා සේවා අධ්‍යක්ෂ ජනරාල් සෙං යී මහතා පවසයි.

ටියැංජින් - ජොංගුවාත්සුන් විද්‍යා උද්‍යානයේ පසුගියදා සංචාරයක නිරතවූ විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඔහු මේ බව පවසා සිටියේ චීනයේ නිපදවූ ෆියිටියම් (Phytium) CPU චිපය හා කීලින් (Kylin) නම් මෙහෙයුම් පද්ධතිය පිළිබඳව හඳුන්වාදෙමිනි.

"අප ජනාධිපතිවරයා වරෙක අපට පවසා සිටියේ අප විසින් මූල තාක්ෂණය ප්‍රගුණ කර එය සම්පූර්ණයෙන්ම ජයගත යුතු බවයි. ෆියිටියම් (Phytium) CPU චිපය සහ ක්ලින් මෙහෙයුම් පද්ධතිය අප විසින් ස්වාධීනව නිපදවා ගත් දෑ... මෙලෙස අප විසින් මූල තාක්ෂණය ජයගත් හෙයින් අප දැන් සූදානම්... අප යම්කිසි තත්ත්වයකට මුහුණදෙන්නේ මේ අයුරින්," යැයි ඔහු පවසා සිටියේය.

මෙම නිෂ්පාදන වැඩි විස්තර ලබාදෙමින් විද්‍යා උද්‍යානයේ නිලධාරියෙකු පැවසුවේ මෙම නිෂ්පාදන ද්විත්වය චීනයේ බුද්ධිමය දේපළ වන බවයි. ආරක්ෂාව අතින් මේ වන විට චීනයේ මුල්තැන ගන්නා කීලින් මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂක අංග වින්ඩෝස් නිෂ්පාදන වල ආරක්ෂක අංග ද අභිබවා යන බව හෙතෙම පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම නිෂ්පාදන මේ දක්වා යොදාගෙන ඇත්තේ චීන රජයේ හා චීන කොමියුනිස්ට් පක්ෂයේ වැඩකටයුතු වලට පමණක් බවයි.

පසුගිය දින කිහිපය තුළදී තාක්ෂණය යළිත් උණුසුම්, ගෝලීය මාතෘකාවක් බවට පත්වූයේ ඇමෙරිකානු - චීන වෙළඳ සබඳතා වල නවතම දිගහැරුම සමගයි. ඇමෙරිකාවේ ඇල්ෆබෙට් සමාගමට අයත් ඇන්ඩ්‍රොයිඩ් සේවා චීනයේ හුවාවේ තාක්ෂණික උපාංග වෙත ලබාදීම සීමා කරන බවට මෙම සතියේදී නිවේදනය කෙරුණි.

මීට ප්‍රතිචාර දක්වමින් හුවාවේ හි නිර්මාතෘවරයා වන රෙන් ජෙන්ෆෙයි මහතා ඊයේ (21) දින මාධ්‍යවේදීන් අමතමින් පවසා තිබුණේ ඇමෙරිකාව ගෙන ඇති තහනම් පියවරවලින් හුවාවේ සමාගම ක්‍රියාත්මක කරන 5 වැනි පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණ සංවර්ධනයට බලපෑම් එල්ල නොවනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.

(ශානිකා ජයසේකර - බීජිං සිට)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top