May 23, 2019

නූතන ත්‍රස්ත තර්ජනයට පිළිතුර සමාජ ජාල අවහිරයම නෙමෙයි - පාඨලී Featured

ගැටලුවක් පැණනැගුණු විටකදී විසඳුම වන්නේ සමාජ ජාල වෙබ් මාධ්‍ය අවහිර කිරීම පමණක් නොවන බව මෙගාපොලිස් හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

තර්ජන හඳුනාගැනීම සඳහා යොදාගත හැකි Big Data Platform ලෙස හැඳින්වෙන වැඩසටහන් මේ සඳහා අවශ්‍ය බව හෙතෙම පවසයි.

සරලව ගතහොත් Big Data Platform යනු තොරතුරු තාක්ෂණික මෘදුකාංග කිහිපයක් එකතු කර එකම වේදිකාවකට ගෙන ඒම හෝ තනි පුළුල් වැඩසටහනක් ලෙස අන්තර්ගත කිරීමයි. 

"ඇමෙරිකාවේ ප්‍රිස්ම් නමින් මෙවැනි වැඩසටහනක් තිබෙනවා. ලොවපුරා සියලු සන්නිවේදන කටයුතු ගමන් කරන්නේ මෙම වැඩසටහන හරහා වන අතර, සෑම පාරිභෝගිකයෙකු ඛාණ්ඩගත කෙරෙනවා. ඉන්පසුව මෙම සෑම පාරිභෝගිකයෙකුගේම කැමැත්තන් අකමැත්තන් හඳුනාගෙන අන්තර්ජාලය ඔස්සේ කුකීස් (cookies) යොමුකරනවා. ගැටලුවක් පැණනැගුණු විටකදී සමාජ ජාල වෙබ් මාධ්‍ය අවහිර කිරීමෙන් අප ගන්නේ ඉතා ප්‍රාථමික පියවරක්," යැයි ඔහු පවසයි.

"කෙසේවුවත්, අප ඇත්ත වශයෙන්ම සිදුකළ යුත්තේ මෙම සමාජ මාධ්‍ය ජාලවල හැසිරීම නිරීක්ෂණය කිරීම සඳහා වූ Big Data Platform වැඩසටහනක් ආරම්භ කිරීමයි. එවැන්නක් තිබුණහොත්, යම්කිසි තර්ජනාත්මක හෝ අශිෂ්ට පණිවිඩයක් සමාජ ජාල ඔස්සේ පැතිර යන විටදීම බලධාරීන් ඒ පිළිබඳ දැනුවත් වී සිදුවිය හැකි විනාශයක් පවා වළක්වාගත හැකි වනවා. මේ ආකාරයෙන් රජය නිතැතින්ම ඉදිරියෙන් සිටිනවා. කෙසේවෙතත්, සමාජ ජාල අවහිර කිරීමෙන් ඵලක් වන්නේ නෑ... මොකද ජනතාව වහාම VPN ඔස්සේ එම සමාජ ජාල වලට එක්වන නිසා," යැයි හෙතෙම පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රණවක මහතා පවසා සිටියේ පවතින ත්‍රස්ත තර්ජනය, රජය විසින් එල්ටීටීඊ ය මර්ධනය කළ අයුරින් මර්ධනය කළ නොහැකි බවයි. එල්ටීටීඊ ය භෞතික වශයෙන් සිටිය බැවින් ආරක්ෂක හමුදාවන් හට ඔවුන් සිටි ස්ථාන හඳුනාගෙන කෙළින් සටන් කිරීමේ හැකියාව පැවතුනද, වත්මන් තත්වයේදී එවැන්නැක් නැති බව හෙතෙම පෙන්වා දෙයි. ඒ, මෙම ත්‍රස්තවාදීන්,  ජිහාඩ් එකතුවක ඒකපුද්ගල කොටස් වශයෙන් කටයුතු කර එකතු වන්නේ තෝරාගත් කාර්යයකදී පමණක් එක්වන බැවිනි.

අනාගතයේදී ඒකපුද්ගල ජිහාඩ්වාදීන් විසින් කිසිඳු අනතුරු ඇඟවීමකින් තොරව ඒකපුද්ගල ප්‍රහාරටක් එල්ල කළ හැකි බවද අමාත්‍යවරයා අනතුරු අඟවයි. එබැවින්, පවතින අනතුරු හා නැඹූරුතාවන් තේරුම්ගෙන යත්කාලීන අනතුරු වලට සූදානම් වීමට රජය කටයුතු කළ යුතු බව ඔහු කියා සිටියි. 

නවීන ත්‍රස්තවාදීන් විසින් තම මෙහෙයුම් සඳහා දියුණු තාක්ෂණය භාවිතා කරමින් සිටින බැවින්, ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියෙන් සිට එවැනි තර්ජන වලට මුහුණදීමට සූදානම් වීමට නම්, නවීනතම  තාක්ෂණික ක්‍රම සම්බන්ධයෙන් රජය යාවත්කාලීනව කටයුතු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top