May 23, 2019

මෛත්‍රී හා රනිල් මෝදිගේ ජයට සුබ පතයි

ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සුභ පැතුම් පිරි නමා තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ ඉන්දියාව සමග වන සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන බවයි.

මේ අතර මෝදි මහතා ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය පිළිබඳ සිය සුභපැතුම් පළකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් කියා සිටී.

ඉන්දියාව සමග ඉදිරියටත් සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top