May 23, 2019

පාකිස්තානු - ලංකා වෙළෙඳ ගනුදෙනු නතරවෙලා නෑ

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව වෙළඳ ගණුදෙනු නතර වී ඇති බවට පසුගිය 20 වැනිදා පළවී තිබූ මාධ්‍ය වාර්තා මුලුමනින්ම අසත්‍ය බව පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කරච්චි නුවර පිහිටා ඇති ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයෙන්ද එය තහවුරු කරගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

අදාළ පුවත්පත් වාර්තාවට තොරතුරු ලබාදුන් බව කියන තැනැත්තාගෙන්ද කොන්සල් කාර්යාලය විමසීමක් කළ බවත්, එහිදී ඔහු පවසා ඇත්තේ තම අදහස් විකෘති කර මාධ්‍ය වාර්තාවල පළකර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වහා නිවැරදි කිරීමක් පළකරන ලෙසටද ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අදාළ මාධ්‍ය ආයතනවලට දැනුම් දී ඇති බව පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top