May 23, 2019

මේ නිහඬ බව බිඳින්න “ධම්මික” තව මොනවහරි කියන්න ! Featured

මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ දැයි ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස එම කාරණාව සම්බන්ධයෙන් ඍජු පිළිතුරක් ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ඉදිරියේදී ඒ ගැන ප්‍රකාශයක් කිරීමට සූදානම් බවත් දැන් ඊට වේලාසන වැඩි බවට ඒ මහතා ලබාදුන් පිළිතුරත් සමඟ දේශපාලන කේෂත්‍රය කැළඹීමකට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ දිගින් දිගටම ප්‍රකාශ ඉදිරිපත් කළද ධම්මික පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකොට සිටීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

වීඩියෝ අනුග්‍රහය - අද දෙරණ

ධම්මික සූදුකාරයෙක් - එස්.බී.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා අදහස් දක්වමින් පවසා ඇත්තේ ධම්මික පෙරේරා යනු ප්‍රකට සුදු කාරයෙක් බවයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති හිමියන් මුණ ගැසී සාකච්ඡා කරමින් සිටි අතරවාරයේදීය.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රධානතම කැසිනෝහල් කිහිපයකම හිමිකරුවෙකි.

වීඩියෝ අනුග්‍රහය - නිවුස් ෆස්ට්

දේශපාලකයෙකු නොවන පුද්ගලයෙකු රටේ නායකයා වෙන්න හදන සැලැස්මක් - මහින්ද

මේ අතර විපක්ෂ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලකයෙකු නොවන පුද්ගලයෙකු රටේ නායකයා විය යුතු බව පවසා දේශපාලනයට පිවිසීමේ සැලැස්මක් ඇතැම් පුද්ගලයින් සතුව පවතින බව කියා සිටියි.

ඔහු පවසන්නේ මෙවැනි පිරිස් ජනතාව මුලා කරමින් බටහිර න්‍යය පත්‍රවලට අනුව දේශපාලන කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උතුරු - නැගෙනහිර පක්ෂ ක්‍රියාකාරීන් සමඟ පැවති හමුවකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා,

"දේශපාලනඥයෙක් එපා, 225ම එපා, කියලා ජනතාව ගොනාට අන්දන්න හදන අය කරන්නෙත් දේශපාලන කොන්ත‍්‍රාත්තුවක්.

මෙහෙම කියලා තෝරගන්න කෙනාත් අන්තිමට කරන්නේ දේශපාලනයමයි.

අපේ පැත්තෙන් එන්නෙ නෑ

මේ අතර අද (23) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා කියා සිටියේ තම පක්ෂයෙන් නම් ධම්මික පෙරේරා මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොකරන බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top