May 24, 2019

කොළඹට යළි සුද්ධයක් : පවුල් 50,000ක් ඉවත් කරන්න කැබිනට් අනුමැතිය Featured

කොළඹ නගරය අවට අඩු ආදායම්ලාභී පවුල් 50,000 ඉවත්කර ඉඩම් අක්කර 400ක් නිදහස් කරගෙන වාණිජ කටයුතු වලට පවරා දීමේ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මාලිගාවත්ත දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම, ඛෙත්තාරාම ඇපල් වත්ත, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ කිඹුලාඇල සහ රත්මලාන වාරිමාර්ග ඉඩම යන ස්ථාන වල සිටින පවුල් මේ යටතේ ඉවත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙසේ ඉවත් කරන පවුල් වෙනුවෙන් රුපියල් කෝටි 17,000ක් වෙන් කර ඇති බව ද දවසේ.

ඒ අනුව එක් පවුලකට රුපියල් ලක්ෂ 30 ක මුදලක වටිනාකමින් යුතු නිවසක් ලබාදීමට සැලසුමක් ඇතැයි ද වාර්තා වේ.

මේ සඳහා වන මුදල් ප්‍රතිපාදන උපයාගෙන ඇති ආසියානු බැංකුවේ යටිතල පහසුකම් සඳහා ලබාදෙන ණය ව්‍යාපෘතියක් යටතේ ය.

එම යෝජනාව බස්නාහිර පළාත් සහ මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ද පැවසේ.

කොළඹ ඉඩම් විදෙස් රටවලට විකිණීම ආරම්භ වූයේ ගාලුමුවදොර පිහිටි යුධ හමුදා මූලස්ථානය ඉන් ඉවත් කර ෂැංග්‍රිලා (shangrila) හෝටලයට සින්නක්කරයට විකිණීමත් සමගය.

Upul Janakaඋපුල් ජනක - ස්ලම් පුවත්පතේ කර්තෘජිංතුපිටියේ අය දෙමටගොඩට දැමීමේ නාගරික සංවර්ධනයෙන් වැඩක් නෑ - ස්ලම් කර්තෘ 

කොළඹ පැල්පත්වාසීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නාගරික ජනාවාස පිළිබඳ ක්‍රියාකාරියකු හා ස්ලම් පුවත්පතේ කර්තෘ උපුල් ජනක ජයසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙරට නාගරික සංවර්ධනය අසාර්ථක වන්නේ නාගරික ජනජීවිතය අධ්‍යනය නොකොට ඊට පිළියම් යෙදීම නීසා බවයි.

විශේෂයෙන් මෙහිදී ඔහු කියා සිටියේ නාගරික ජනයා කොළඹින් ඈත් කිරීමට නම් ඹවුන් දන්නා ඔවුන්ට ගැලපෙන ජීවනෝපාය සලසා දෙමින් ඒ ඉවත් කිරීම් සිදු කළ යුතු බවයි.

උදාහරණයක් ලෙස ජිංතු පිටියෙ අය දෙමටගොඩට ගෙනත් දැමීම ප්‍රායෝගික නොවන බව ඔහු කියා සිටියේය. ඒ ජිංතුපිටියේ කීර විකුණූ අයට දෙමටගොඩ කීර විකිණිය නොහැකි බවත්, ඒ දෙමටගොඩත් කීර විකුණන අයකු සිටින බැවින් යැයි ඔහු කීය.

හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලයේදී නවගම්පුර නැමැති ගම්උදා ග්‍රාමයට වතු පහක මිනිස්සු ගෙනැවිත් පදිංචි කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස, එසේ පැමිණි පිරිස් අතර සිදුවූ ගැටුම්වලින් 10දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වූ බවත් ඔහු කියා සිටියේය.

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top