May 24, 2019

දක්ෂිණ අධිවේගයේ මූලික ණය පියවා ගැනීමට 27 වසරක් අවශ්‍යයි Featured

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මූලික ණය පියවා ගැනීමට තවත් වසර 27කට ආසන්න කාලයක් වැය වනු ඇති බව මේවන විට හෙළිව තිබේ.

කොට්ටාව සිට මාතර, ගොඩගම දක්වා කිලෝ මීටර් 131.1ක් මාර්ගය සම්බන්ධයෙන් කරන ලද පසු විපරමකදී මේ බව තහවුරු වී ඇත.

එම කොටස ඉදිකිරීමට සඳහා ඇස්තමේන්තු කරන ලද වියදම රුපියල් කෝටි 9,660 වී ඇති අතර එයින් 2017 වසරේදී උපයාගෙන ඇති ආදායම රුපියල් කෝටි 356කි.

මේ අනුව මූලික වියදම් පියවා ගැනීම සඳහා දළ වශයෙන් වසර 27කට ආසන්න කාලයක් යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

තත්ත්වය මෙසේ තිබියදී මෙම මාර්ග නඩත්තු කිරීමට වාර්ෂිකව අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවන බවද පැවසේ.

වසර 2017 දී පමණක් නඩත්තු සඳහා වැය කළ මුදල රුපියල් කෝටි දෙකකට අධික ය.

මෙම වියදම් වාර්ෂිකව ඉහළ යන අතර එම මුදල් කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම, විදුලිය වියදම්, පොලිස් දෙපාර්තමේන්තුවට ගෙවීම් හා පොලී ගෙවීම ඇතුළු කටයුතු වලට වෙන් වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top