May 24, 2019

අස්වෙන්නෙ නෑ - රිෂාඩ් Featured

අභූත චෝදනා නගමින් තමුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් තිබුණ ද තමන් අමාත්‍ය ධූරයෙන් කිසිසේත් ඉල්ලා අස්නොවන බව අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා කියයි.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා තමා ස්ථිරවම රිෂාඩ්ගේ දෝෂාභියෝගයට සහය දක්වන බවත්, ඒ සඳහා තවත් එජාප මන්ත්‍රීවරු පිරිසක් සහය දෙන බවත් ඔහු මාධ්‍ය වෙත පවසා තිබේ.

දෙමළ ජාතික සංධාන වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චල්ස් නිර්මලනාදන් මහතා රාවය පුවත් පතට පවසා ඇත්තේ තමාද රිෂාඩ් ට එරෙහි විශාවාසභංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කරන බවයි.

කෙසේවුවද, එය තමන්ගේ පෞද්ගලික මතය බව පවසා ඇති ඔහු එය දෙමළ ජාතික සංධානයේ මතය නොවන බවද පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top