May 26, 2019

"මධුෂ් නිසා ඉන්න හිටින්න තැනත්, දුවට ශ්‍රීලංකන් රස්සාවත් නැතිවුණා" Featured

පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ඩුබායිහි උපන්දින සාධයේදී අත්අඩංගුවට පත්ව පසුව මෙරටට පිටුවහල් කළ රයන් වැන් රෝයන් මහතාගේ පවුලේ අයට උන්හිටි තැන් අහිමිවී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඒ මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත්තේ "පසුගිය කාලයේ මුහුණදුන් සිදුවීම්වලින් පස්සේ මට ඉන්න හිටින්නවත් තැනක් නැතිවුණා. මගේ දරු පවුලත් එක්ක මම දැන් අපේ ඥාතියකුගේ ගෙදරකයි ඉන්නේ.” යනුවෙනි.

මේ සිදුවීම සම්බන්ධයෙන් ඔහු විස්තරාත්මකව පවසා ඇත්තේ "අපි හිටියේ කුලී ගෙදරකයි. ඩුබායිවලදී මම අත්අඩංගුවට පත්වුණා කියලා දැන ගත්තාට පස්සේ ගෙදර අයිති කෙනා ගේ ඉල්ලලා තිබුණා. මගේ බිරිඳටයි, දරුවන් දෙදෙනාටයි යන්න තැනක් තිබුණේ නැහැ. මොකද, අපේ දෙමව්පියන්ටත් ඔවුන්ගේ ගෙවල්වලින් ඉවත් වෙන්න සිද්ධවෙලා තිබුණා. ඒ විතරක් ‍නෙවෙයි ඔවුන් පීඩනයට පත් කළ සිදුවීම් රැසකටම මම නැති අතරේ මගේ දරු පවුලට මුහුණ දෙන්න සිදුවෙලා තිබුණා.” යනුවෙනි.

මේ අතර රයන් කියා සිටින්නේ අදාළ සිද්ධියත් සමඟ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවය කළ ඔහුගේ දියණිය රැකියාවෙන්ද දොට්ට දමා ඇති බවයි.

එසේම පාසල් වියේ පසුවූ තමාගේපුතාගේ පාසල් ගමනත් නැවතී ඇති බව රයන් කියයි.

තමා වැරදිකරුවෙක්ද නැද්ද? යන්න නීතිය ඉදිරියේ ඔප්පුවීමට පෙර තමාව සමාජය වැරදි කරුවකු කිරීම ගැන දැඩි කනස්සල්ලෙන් සිටින බවත්, එම තත්ත්වය නිසාම තමාට දැන් කලා කටයුතු කිරීමට මානසික තත්ත්වයක් නොමැති බවද ඔහු කියා සිටී.

ගංජා තිබුණා ඇත්ත

තමා ළඟ ගංජා ටිකක් තිබූ බවත්, තමා ගංජා බොන නිසා එය ළඟ තබා ගත්බවත් ඔහු හෙළිකැ තිබූ.

මධුෂ්ගේ සාදයට ගියේ ඩිරාම් 2,500ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 150,000) ළබා ගැනීමට බවද රයන් කියා සිටී.

තමා ඩුබායි ගියේ දින තුනකට බවද පවසා ඇති ඔහු එම සාධය මධුෂ්ගේ බව දැන සිටියේ යැයිද පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top