May 27, 2019

එක්නැළිගොඩ වාර්තාව හමුදා බුද්ධි නිලධාරී තොරතුරු නැතිව නීතිපතිට ! Featured

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර එහි පරීක්ෂණ ලිපිගොනු පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සිකුරාදා නීතිපති දෙපාර්තමේන්තුවට බාරදී ඇතැයි වාර්තා වේ.

යුද හමුදාවෙන් මේ පරීක්ෂණ සඳහා සහයක් නොලැබීම හේතුවෙන් මෙසේ නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදුන් පරීක්ෂණ ලිපිගොනු අතර ඝාතනයට චෝදනා එල්ලව ඇති හමුදා බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධ නිසි පරීක්ෂණ වාර්තා නැතැයි ද පැවසේ.

එක්නැළිගොඩ මහතා අතුරුදහන්ව තිබුණේ 2010 වසරේ ජනවාරි 24 වැනිදා ය. එම අතුරුදහන්වීම ජනාධිපතිවරණයට දින 2කට පෙර සිදුව තිබිණි.

කාටුන් ශිල්පී එක්නැළිගොඩ අතුරුදහන්වීමට පෙර යුද හමුදා අත්අඩංගුවට පත්ව ඇති බව පසුගිය දෙසැම්බරයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලදී හෙළිකරගෙන තිබිණි.

කෙසේවුවද, මේ අතුරුදහන්වීමේ ප්‍රධානම සැකකරු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකුවීම හේතුවෙන් පරීක්ෂණ සඳහා යුද හමුදාවේ පූර්ණ අනුග්‍රහය නොලැබුණු බව පොදු මතය වී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top