May 27, 2019

පොදු සමා කාලයේදී හමුදාවේ දොළොස් දහසක් බාරවෙලා

යුද හමුදාව හැරගොස් සිටි සෙබළුන්ට නැවත භාරවීම සඳහා ලබාදුන් පොදු සමා කාලය යටතේ සෙබළුන් හා නිලධාරීන් 12,299 දෙනකු භාර වී ඇතැයි යුදහමුදා මූලස්ථානය පවසයි.

යුදහමුදාව හැරගොස් සිටි එහි සාමාජිකයන්ට නීත්‍යනුකූලව භාරවීමට ඉකුත් අප්‍රේල් 22 වැනිදා සිට මැයි 17 වැනිදා දක්වා අවස්ථාව ලබාදී තිබිණි. මුලින් එය අප්‍රේල් 22 වැනිදා සිට මැයි 10 වැනිදා දක්වා ලබා දී තිබූ අතර පසුව එය මැයි 17 වැනිදා දක්වා දීර්ඝ කර තිබුණි.

මෙම වකවානුව තුළ සේවය හැරගොස් සිටි නිලධාරීන් 13 දෙනකු නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වීමට භාර වී තිබේ.

මෙම භාරවන පුද්ගලයන් අතුරින් මාස 6 කට වැඩි කාලයක් නිවාඩු නොලබා සිටි සාමාජිකයන්ට නීත්‍යනුකූලව ඉවත් වීමටද, මාස 6 කට වඩා අඩු කාලයක් සේවය හැරගොස් සිටි අයට තවදුරටත් සිය කැමැත්ත පරිදි සේවයේ රැඳී සිටීමටද මෙහිදී අවස්ථාව හිමිවේ.

යුද හමුදාව හැරගොස් සිටින, භාර නොවූ යුද හමුදා සෙබළුන් අත්අඩංගුවට ගැනීමට මේවන විට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top