May 27, 2019

එවරස්ට් තරනය මරු කැඳවන්නක්?

මෙම සතිය ඇතුළත පමණක් එවරස්ට් (Mount Everest) හිමගිර තරණය කරන්නන් දස දෙනෙකු අනතුරුවලින් මරණයට පත් වූ බව නේපාල බලධාරීන් පවසා තිබේ.

එම මරණ සංඛ්‍යාව පසුගිය වසරේ එවරස්ට් තරණය කරද්දී සිදු වූ මරණ සංඛ්‍යාවටත් වඩා වැඩි සංඛ්‍යාවක් බව නේපාලයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

මේ සතිය මුලදී එවරස්ට් කඳුවැටියෙන් මරණ හතරක් වාර්තා වී තිබුණ අතර බ්‍රහස්පතින්දා තවත් මරණ හතරක් එම සංඛ්‍යාවට එකතු විය.

කඳු නගින්නන් පෝලිමක් (traffic jams) එවරස්ට් කඳු වැටිය මුදුන කරා සමීප වෙමින් සිටින අතර එබැවින් එහි මිනිස් තදබදයක් පවතින බවත් වාර්තා වෙයි.

එවරස්ට් කන්ද තරණය කිරීම සඳහා නේපාල බලධාරීන්ගෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය.

එවැනි සීමා කිරීමක් පැවතුනත් එවරස්ට් ලෝලීහු දැන් විශාල මුදලක් ගෙවමින් එම බලපත් ලබා ගෙන කන්ද තරණය කිරීමට පෙළඹෙති.

නේපාලය මෙම වසන්ත කාලයේ එවරස්ට් තරණය කිරීමේ බලපත් 381 ක් නිකුත් කර ඇත.එම එක් බලපත්‍රයක් සඳහා ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 11,000 කි.

වෙනත් අවුරුදුවලට වඩා මේ වසරේ එවරස්ට් කඳු මුදුනේ පවතින අධික සුලඟ එහි ලඟා වෙන්නන්ට අහිතකර තත්වයක් උදගත් කරයි.

එම තත්වය යටතේ කඳු නගින්නකුට ගිරි ශිඛරයට ලඟා වීමට ලැබෙන්නේ ඉතා සුළු කාල පරාසයකි.

මූලාශ්‍රය - බීබීසී සිංහල

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top