May 29, 2019

අටමස්ථානයන්හි ආරක්ෂාවට කැබිනට් අනුමැතිය

අනුරාධපුරය ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ හා රුවන්වැලි මහාසෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ජය ශ්‍රී මහා බෝධිය හා රුවන්වැල මහා සෑය වටා අධි ආරක්ෂිත වැටක් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත විධිවිධාන ක්‍රියාවට නැංවීමට නියමිතය.

එම ස්ථානයන්හි ආරක්ෂාව තහවුුරු කිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු විවධ පාර්ශ්වයන්ගේ ඉදිරිපත් වූ යෝජනා අනුව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top