Connect with us

පුවත්

1983 සිට නැව් වලින් ඩොලර් ගන්න පුලුවන් වුනත් අරන් නෑ!

Published

on

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව ඩොලර් ආදායම් ලැබිය හැකි පරිදි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය නෛතික බලය ලැබෙන ජාතික ජලශාස්ත්‍රීය පනතේ අඩංගු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු විය.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

1983 සිට ලංකා මුහුදු සීමාවෙන් ගමන් ගන්නා නෞකාවලින් ඩොලර් ලබා ගැනීමේ අයිතිය පැවතියද එය භාවිතා නොකර ඇති බව මේ අවස්ථාව සඳහා සහභාගී වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය. ඒ අනුව ඒ සඳහා අවශ්‍යය නෛතික බලය මෙම පනත් කෙටුම්පත සම්මත වීම හරහා ශ්‍රී ලංකාවට ලැබෙන බව අධිකරණ අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

එමෙන්ම මෙම පනත මගින් ජාතික ජලශාස්ත‍්‍රීය කාර්යාලය පිහිටුවීම හරහා ජල‍ශාස්ත‍්‍රීය මිනින්දෝරුවරුන් සහ නාවික සිතියම් නිර්මාණ ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඒ හා සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම  ද මෙම පනතේ අරමුණ වී ඇති බව  කාරක සභාව හමුවේ අදහස් දක්වමින් නිලධාරීහු පැවැසූහ.

දකුණු මුහුදම ආවරණය කරමින්  නැව් ගමනාගමනය සඳහා එංගලන්ත රාජකීය නාවික හමුදාව විසින්  සිතියම් 3ක් නිර්මණය කර ඇති බව නාවික හමුදාව මෙහිදී ප්‍රකාශ කරන ලදී. ඒ අනුව මේ දක්වා එම සිතියම් නිර්මාණය සඳහා ශ්‍රී ලංකාවෙන් ලබා දී ඇත්තේ දත්ත පමණක් බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුහ. කෙසේ වෙතත් මෙම පනත ඔස්සේ  ගවේෂණය කර දත්ත ලබාගෙන අදාළ මුහුදු ප්‍රදේශ සඳහා සිතියම් නිර්මාණය කිරිමේ බලය මෙරට හිමිවන බව නාවික හමුදා නිලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කරන ලදී. මෙම යාවත්කාලීන වන දත්ත පදනම් කරගනිමින් අදාළ සිතියම් ද යාවත්කාලීන කර ඩොලර් උත්පාදනය කළ හැකි බව එම නිලධාරීහු වැඩි  දුරටත් අදහස්  දක්වමින්  පැවැසුහ.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) නිලධාරීහු, මෙම පනත් කෙටුම්පත තුලින් ඔවුන්ගේ ආයතනය මගින් සිදුකරනු ලබන යම් කටයුතු ප්‍රමාණයක් ගිලිහෙන බව පැවසූහ. කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට  නියමිත බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා විවාදයේ කාරක සභා අවස්ථාවේදී ඒ සඳහාද සංශෝධන එක් කිරීමට නාරා ආයතනයට අදාළ අමාත්‍යවරයා හරහ‍ා අවස්ථාව සැලසෙන බව පෙන්වා දුන්නේය.

මේ අවස්ථාව සඳහා කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, මහාචාර්ය චන්න ජයසුමන, මේජර් සුදර්ශන දෙනිපිටිය ද, සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු අදාළ අමාත්‍යාංශ සහ ආයතන ප්‍රධානීන් ද සහභාගී වී සිටියහ.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved