Jun 03, 2019

"ජාතික තුරුණු පොසොන් කලාපය" 13 - 18 වැනිදා දක්වා

ජාතිත තරුණ සේවා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන "ජාතික තුරුණු පොසොන් කලාපය" මේ මස 13 වැනිදා සිට 18 වැනිදා දක්වා මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

පොසොන් කලාපය සඳහා පොසොන් පහන් කූඩු භාරගැනීම මෙම 05 වැනිදා දක්වා සිදුකරන බවද පරිසර හිතකාමී ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කර පොසොන් පහන් කූඩු නිර්මාණය කළ යුතු බවද මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානය පවසයි.

මෙම තරගය අංශ දෙකක් යටතේ පැවැත්වෙන අතර, විවෘත අංශයේ උස අඩි 15ට වැඩි කූඩු නිර්මාණ වෙනුවෙන් ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 300,000ක්, දෙවැනි ස්ථානය සඳහා රුපියල් 200,000ක්, තෙවැනි ස්ථානය සඳහා රුපියල් 100,000ක් සහ සිවුවැනි ස්ථානයේ සිට කුඩු දහයක් සඳහා රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමටද සැලසුම් කර තිබේ.

උස අඩි 10ට අඩු කූඩු නිර්මාණ වෙනුවෙන් ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 100,000ක්, දෙවැනි ස්ථානය සඳහා රුපියල් 75,000ක්, තෙවැනි ස්ථානය සඳහා රුපියල් 50,000ක් සහ සිවුවැනි ස්ථානයේ සිට කූඩු 08ක් සඳහා රුපියල් 20,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමටද නියමිතය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යාකෂවරයාගෙන් (011-3185700) හෝ බස්නාහිර පළාත් අධ්‍යක්ෂවරයාගෙන් (011-2850985) ලබාගත හැකිය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top