Jun 04, 2019

අගරදගුරු - රතන හිමි හමුවට කේමාගේ කොළුවා ගිනි තියයි ! Featured

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඊයේ (03) පෙරවරුවේ මහනුවරට ගොස් උපවාසයේ නිරත අතුරලියේ රතන මන්ත්‍රී හිමියන් බැහැදැක තිබිණි.

කාදිනල් හිමිපානන් රතන හිමිගේ සුවදුක් විමසා බැලීම සම්බන්ධයෙන් 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කර තිබුණේ,

"කාදිනල් තුමන් රතන හිමියන් බැහැ දැකීම වෛරයේ ගිනි දැල්වලට පවන් සැලීමක්," බවය.

එහිදී ඔහු පාප්වහන්සේ සහ වතිකානු පුවත් සේවයේ නිල ට්විටර් ගිනුම්ද Tag කරමින් එහි අවධානයද සිය ට්විටර් පණිවුඩයට ගෙන තිබිණි.

මේ පණිවුඩයත් සමඟ සමාජ මාධ්‍ය යලිත් ගිණිගත් අතර පක්ෂ විපක්ෂ මත කිහිපයක්ම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබේ.

ඒවායින් කිහිපයක් පහත දැක්වේ.

DharishaB FB NoteAjantha FB Postසමාජ මාධ්‍යයෙන් ජනතාව කුපිත කරන්නේ දේශපාලකයින්

ඒ අතර, සමාජ මාධ්‍ය භාවිතයෙන් ජනතාව කුපිත කරන්නේ දේශපාලකයන් බවට ශ්‍රී ලංකා පරිවර්තන සමූහය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

උපුටා ගැනීම

"ඇමති මංගල සමරවීර සමාජ මාධ්‍ය ජාල අඩවි භාවිතා කරමින් ආගමික නායකයන්ට අපහාස වන අන්දමින් පණිවිඩ නිකුත් කිරීම ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස තරයේ හෙලා දකින අතර එම පුද්ගලයා විසින් මැල්කම් රංජිත් කාදිනල් තුමන්ට හා රතන හිමියන්ට අපහාස වන අන්දමේ Twitter පණිවිඩයක් ඔහුගේ පෞද්ගලික Twitter ගිණුමෙන් යාවත්කාලීන කිරීම ජනතාව කුපිත කිරීමට කටයුතු කිරීමක් ලෙස ඉතා පැහැදිලිවම දැකගත හැකිය. පසුගිය දිනවල සරසවි ශිෂ්‍යයෙකු සමාජ මාධ්‍යවල ජනතාව කුලප්පු කිරීමක් සිදුකරා යැයි පවසා සිරභාරයට ගත් අතර මෙලෙස අමු අමුවේ ප්‍රසිද්ධියේ පසුගිය දිනවල ජනතාවගේ අවධානය දිනාගත් ආගමික නායකයින් දෙපලකට අපහාස කරනා Twitter පණිවිඩයක් තම Twitter ගිණුම මගින් නිකුත් කිරීම මගින් රටේ වගකිවයුතු ඇමතිවරයෙකු ලෙස ජනතාව කුපිත කොට ඔවුන්වෙත ලබාදෙන්නේ වැරදි පූර්වාදර්ශයක් නිසා වහාම නිතිය ක්‍රියාත්මක කරන අංශ මේ පිලිබදව තම අවධානය යොමු කොට තරාතිරම නොබලා නීතිය මෙවැනි පුද්ගලයන්ට ක්‍රියාත්මක කල යුතු බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අවධාරණය කරමු.”

උපුටා ගැනීම අවසන්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top