Jun 07, 2019

පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළිඳකින් මතු වෙයි

මුලතිව් පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබී අත් බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (06) පස්වරුවේදී ගොඩගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

එහි තිබී අත්බෝම්බ 2ක්, ආර්.පී.ජී. උණ්ඩයක්, පතුරම් තොගයක් හා යකඩ කැබලි තොගයක් සොයාගෙන තිබේ.

අදාළ ගෙවතු හිමියන් ළිඳ පිරිසිදු කරන අවස්ථාවක අදාළ උපකරණ දැක අනතුරුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ අදාළ පුපුරණ ද්‍රව්‍ය ගොඩගත් බව පොලිසිය සඳහන් කළේය.

යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය පළායන අවස්ථාවේ අදාළ පුපුරණ ද්‍රව්‍ය ළිඳට දමා යන්නට ඇති බව සැක පළ කරන බව හා එම ළිඳ තුළ තිබි යතුරුපැදි කොටස් කිහිපයක් ගොඩගෙන ඇති බව ද පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top