Jun 08, 2019

ඥානසාර හිමි 2020 තෙක් ජපානයට ! Featured

ජපානයේ වැඩිදුර අධ්‍යාපනයට හා ආගමික ප්‍රචාරක කටයුතුවල නිරතවීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥාසාර හිමියන්ට වසර තුනක නේවාසික වීසා ලැබී තිබේ.

මේ ලැබී ඇති අවස්ථාවට අනුව ඉදිරි කාලයේදී උන්වහන්සේ ධර්මප්‍රචාරක කටයුතු සිදුකරමින් ජපානයේ රැදී සිටීමට අදහස් කර ඇතැයි වාර්තා වේ.

උන්වහන්සේට ජපානයේ නේවාසික වීසා හිමිව ඇත්තේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත එහිමියන් සිරභාරයට පත්වීමට ද පෙරය (2018). ඒ අනුව උන්වහන්සේට 2020 තෙක්ම ජපානයේ නේවාසිකව සිටීමට වීසා හිමිව ඇත.

ඒ අනුව ඒ සඳහා ජපානයට යාමට ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බලමින් ඥාණසාර හිමියන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම අගෝස්තු මස 23 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය ඊයේ නියෝග කළාය.

මේ නියෝගයට අනුව උන්වහන්සේට විදෙස් ගමන් තහනම ලිහිල් කර ඇත්තේ මීළඟ නඩු දිනය දක්වා පමණි.

වසර 2017 දී වැලිකඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කිරීමේ සිද්ධියකට අදාළව ඥාණසාර හිමියන්ට අධිකරණය මෙම විදේශ ගමන් තහනම පනවා තිබේ.

ඥානසාරහිමියන් බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණි දින කියා සිටියේ ද දේශපාලන කාරණාවලින් මිදී බණ භාවනා කටයුතුවලට යොමුවීමට තමා අදහස් කරණ බවයි.

කෙසේවුවද, උන්වහන්සේ ඉන් පසුව නැවත දේශපාලන කාරණා සම්බන්ධයෙන් තමා මැදිහත්වන බව පවසා සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top