Jun 08, 2019

නීතිය හා සාමය රාජ්‍ය ඇමතිකම එජාපයට එපා කියයි Featured

නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍ය ධූරය එපාපයට ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟව ඇතත් එජාපය එය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ඒ එජාපයට අවශ්‍ය නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරය බව පවසමින් බවද පැවසේ.

ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර පසුගිය සඳුදා පැවැති සාකච්ඡාවේදී ද අදාළ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවද මේ අතර වාර්තා වේ.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ කැබිනට් අමාත්‍ය ධූරය නොව එහි රාජ්‍ය අමාත්‍ය ධූරය එජාපය කැමැති ඕනෑම අයෙකුට ලබාදීමට තමා කැමැති බවයි.

එම සාකච්ඡාවේදී ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ධූරය ද තමා එජාපයට ලබාදීමට කැමැති බව පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top