Jun 08, 2019

සිවිල් ආරක්ෂක ලොක්කා ගිය ජීප් එක ගිනිගනියි (වීඩියෝ)

ජනාධිපති අතිරේක ලේකම් (තිරසර සංවර්ධන) හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ගමන් ගත් ජීප් රථය ගිනිගෙන තිබේ.

ජීප් රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි ගමන්ගත් පිරිස රථයෙන් බිමට බැසීමෙන් පසුව ගින්න ඇතිවී තිබේ.

සිද්ධියෙන් කිසිවකුට අනතුරක් සිදුව නොමැත.

පල්ලෙගම මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ‘රට වෙනුවෙන් එකට සිටිමු’ මුලතිව් දිස්ත්‍රික් සමාප්ති වැඩසටහනට යමින් සිටියදී මේ අනතුර සිදුව ඇත.

පරන්තන් වලින් ඉන්ධන ලබාගෙන කිලෝමීටර් 10ක් පමණ ඉදිරියට ගමන් කිරීමේදී ජීප් රථය අධිකව රත්වීම නිසා එහි රියදුරු එය නවත්නා තිබේ.

ඉන් පසුව එහි සිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා හා පිරිස පිටතට පැමිණීමෙන් පසුව එය ගිනිගෙන ඇත.

මෝටර් රථය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත්වූවකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top