Jun 09, 2019

DIG නාලක තේරීම් කාරක සභාවට අතඇරිය කෙප්ප මාට්ටු වෙයි Featured

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන්නට කණ්ඩායම් මෙහෙය වූ සහරාන් ගැන මුලින්ම සොයාගෙන විමර්ශන ආරම්භ කර ඇති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ මුස්ලිම් අන්තවාදය හා මූලධර්මවාදී ඒකකයේ ස්ථානාධිපතිව විමර්ශන අතරමැද නියෝජ්ය පොලිස්පති නාලක ද සිල්වා විසින් මාරුකර ඇති බවට මේවන විට තොරතුරු හෙළිව තිබේ.

කෙසේවුවද, නාලක මහතා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කමිටුවට කියා සිටියේ සහරාන් අත්අඩංගුවට ගැනීමට තිබූ අවස්ථාව තමා අත්අඩංගුවට පත්වීම නිසා අහිමි වූ බවයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයට ලංකාව තුළ නායකත්වය දෙන්නට ආ ගෝපි, අප්පන්, තේවියන් කණ්ඩායම් සොයා කළ මෙහෙයුමකදී ත්‍රස්ත වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා ඇත්තේ ද නාලක මාරුකළ ස්ථානාධපතිවරයා බව පැවසේ.

එම නිලධාරියාව මාරු කර යවා විමර්ශන කල් මරමින් නියෝජ්ය පොලිස්පතිවරයා කටයුතු කර ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය ලිපි ලේඛණ සපයමින් සහ්රාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකර ඇත්තේ සහකාර පොලිස් අධිකාරී නවාස් නමැති නිලධාරියාය.

වසර 2018 ජූලි 02 වැනිදා සහ්රාන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය වරෙන්තුවක් ගෙන ඇති අතර නාලක මහතා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් මාස කිහිපයකට පසුව එම වසරේ ඔක්තෝබර් 25 වැනිදාය.

අවසානයේ එම බුද්ධි ඒකකයේ සිටි සෙසු බුද්ධි නිලධාරීන් එක් එක් පොලිස් ස්ථානවලට මාරු කර ඇති අතර ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු, පොලිස් සැරයන්වරුන් හා පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනකු එසේ බුද්ධි රාජකාරියෙන් ඉවත් කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top