Jun 09, 2019

"අපි දෙන්නම එක කුඩේ යමු" Featured

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා විසින් වැස්සට කුඩේ ඉහලීම මේවන විට සමාජ මාධ්‍යට මෙන්ම සෙසු මාධ්‍යට ද ප්‍රධාන කතා බහක්වී තිබේ.

මේ කුඩ පලහිලව්වේ ඇත්ත කතාව නම් එකම මොටර් රථයේ පැමිණි ඉන්දීය අගමැතිවරයා හා ජනපති මෛත්‍රීපාල මහතාට එකම කුඩේ යටින් යන්ට සිදුවූයේ මෝටර් රථය නැවැත්වූ පෝටිකෝවේ විශාල කුඩ දෙකක් හරස් කිරීමට නොහැකිවීම නිසාය.

මොවුන් දෙදෙනාම කලක පටන් කිට්ටු මිතුරන් බව ආරංචි මාර්ගවලින් වාර්තාවන අතර ඒ නිසාම කුඩා පෝර්ටිකෝවේ කුඩ හරස් කර ගත නොහැකිවූ තැන අගමැති මෝදි "අපි දෙන්නම එක කුඩේ යමු” යැයි ජනපතිට යොජනා කර තිබේ.

ඒ යෝජනවාට එකපයින් කැමැති වූ ජනපති මෛත්‍රී කුඩයත් ඉහලාගෙන අගමැති මෝදිත් කැන්දගෙන ගොස් ඇත.

Modi 002 ආරක්ෂකයන්ට පුංචි පෝටිකෝවේ කුඩ හරස් කර ගැනීමට නොහැකි වූ අවස්ථාව...

Modi 001ජනපති මෛත්‍රී - අගමැති මෝදිට කුඩේ ඉහලන් යන අයුරු..

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top