කාටූනය - අංජන ඉන්ද්‍රජිත් කාටූනය - අංජන ඉන්ද්‍රජිත්
Jun 11, 2019

රනිල් මෝදි කාර් එකේ කළ සාකච්ඡා ! Featured

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු සමඟ සාකච්ඡා කර ඇත්තේ ඉන්දීය අගමැතිවරයා කටුනායක ගුවන් තොටුපළේ සිට කැඳවාගෙන එන හා ඔහුව බැස්සීමට යන අවස්ථා වලදී මෝටර් රථය තුළ බව වාර්තා වේ.

ඒ මෝදි මහතා ලංකාවේ රැඳී සිටි කාලය පැය 4කට ආසන්න ඉතා කෙටි කාලයක් බැවින් වික්‍රමසිංහ මහතා සමඟ ඉන්දීය අගමැතිවරයා සාකච්ඡා පැවැත්වීමට වෙන් කර තිබූ කාලය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ට වෙන්කර දීම නිසාය.

විපක්ෂ නායක මහින්ද සමඟ දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්පන්දන් මහතා ද ඉන්දීය අගමැතිවරයා සමඟ සාකච්ඡා පවත්වා තිබිණි.

මේ අතර, නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ස්ථිර වූ වහාම ඒ මහතා වික්‍රමසිංහ මහතාගේ කාර්යාලට ඇමතුමක් ලබාදෙමින් මෝදි මහතා ලංකාවේ රැඳී සිටින කාලයේ එක්වන සියලුම විශේෂ අවස්ථා සඳහා එක්වන ලෙස දන්වා තිබූ බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍යට පවසා තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top