Jun 11, 2019

"මේ ලංකාවේ අරාබි වසන්තයයි : මම මහාචාර්ය නෙවෙයි" - නලින් ද සිල්වා Featured

ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, සියලු මැති ඇමතිවරු ඇතුළු නිලධාරීන් පාස්කු දින ප්‍රහාරයට වගකිවයුතු බව ආචාර්ය නලින් ද සිල්වා මහතා කියයි.

ප්‍රහාරයක් සම්බන්ධ තොරතුරු දැන සිටියදී ඔවුන් කටයුතු නොකිරීම ඊට හේතුව බවද ඔහු පෙන්වා දෙයි.

එසේම ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයාද මේ ප්‍රහාරයට වගකිව යුතු බවත් ඔවුන්ට ඉන් ගැලවිය නොහැකි බවත් ඔහු කියා සිටී.

දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. දිල්කා සමන්මලී සමඟ සංවාදය ආරම්භ කරමින් ඇය ඔහුව මහාචාර්ය ලෙස හැඳින්වූ අතර ඊට පිළිතුරු දෙමින් නලින් ද සිල්වා තමා මහාචාර්ය නොවන බව කියා සිටියේය.

Nalin1 670px 19 06 11

රනිල් - මෛත්‍රී හා බටහිර

වසර 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කෙරුණේද, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කෙරුණේද අරාබි වසන්තයේ ප්‍රතිඵලයක් ලෙස යැයි නලින් ද සිල්වා මහතා කියයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යවා රනිල් නිල වශයෙන් හෝ නොනිල වශයෙන් ජනාධිපති කරවීම ලංකාවේ අරාබි වසන්තය ක්‍රියාත්මක වීමේ ක්‍රමය යැයි ද ඒ මහතා කියයි.

ඔහු අරාබි වසන්තය යන්න පැහැදිළි කරමින් කියා සිටියේ අරාබි වසන්තය යනු බටහිර රටවලට පක්ෂ නායකයින් පත් කිරීමත්, ඊට විපක්ෂ නායකයින් ඉවත් කිරීමත් යන්න යැයිද, එය අරාබි රටවල සිදුවූ බවද ඔහු කියා සිටී.

ලංකාවට අරාබි වසන්තයය උදා කිරීමට බටහිර රටවල් පමණක් නොව ඉන්දියාව ද හවුල් වූ බවට ඔහු චෝදනා කරයි.

මහින්ද පැරදුනේ සිංහල බෞද්ධ ඡන්ද නැතිවීමෙන්

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා පැරදුනේ සිංහල බෞද්ධ ඡන්ද නොමැතිවීම නිසා යැයි නලින් ද සිල්වා මහතාගේ මතය වී තිබේ.

ජාතික වයාපාරය චම්පික රණවක මහතා විසින් හාමුදුරුවරු පාර්ලිමේන්තු යවමින් දේශපාලනීකරණය කළ බවත්, එය බෞද්ධ සම්ප්‍රදායේ නොමැති එකක් යැයිද ඔහු කියා සිටී.

ජාතික ව්‍යාපාරය දේශපානීයකරණය වීමෙන් පසුව මහින්ද එහි බලය ගත් බවත් කියන නලින් ද සිල්වා ඉන් පසුව ජාතික ව්‍යාපාරය විනාශ වූ බවත්, පසුව මහින්ද රාජපක්ෂ ද ජාතික වයාපාරයට කන් නොදී වාන වාන මිනිස්සුන්ට කන්දීමට ගිය බවත් ඉන් සිංහල බෞද්ධ ඡන්ද මහින්දට අහිමිවූ බවත් ඔහු කියයි.

මෛත්‍රී ප්‍රඥා ගෝචර වැඩ කරන්නෙ නැහැ

මේ අතර, මෛත්‍රීපාල සිරිසේන මහතාට දෝශාභියෝගයක් ගෙනආවොත් ඔහු ආරක්ෂා කළ යුතු බවද පවසන ඒ මහතා ජනපතිවරයා ප්‍රඥාගෝචර වැඩ නොකරන බවද කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top