Jun 11, 2019

2015 න් පසු ලංකාවට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙක්

අමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මේ මස අග දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

රාජ්‍ය ලේකම්වරයාගේ ආසියා - පැසිෆික් සංචාරයේ ශ්‍රී ලංකාව එක් ගමනාන්තයක් වේ.

රාජ්‍ය ලේකම්වරයා ලබන 24 වැනදා සිට 30 වැනදා දක්වා ආසියා ශාන්තිකර කලාපයේ සංචාරය කරන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඔහුගේ පළමු ගමනාත්තය වන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවරයි. මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවේ දෙරටේ සබඳතා ශක්තිමත් කිරීම එම චාරිකාවේ අරමුණ බව සදහන් වේ.

අනතුරුව, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කොළඹට ළගා වන්නේ සංචාරයේ දෙවැනි ගමනාන්තය ලෙසය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ජනතාවට අමෙරිකා සහයෝගීතාවය පළ කිරීමට ඔහු අපේක්ෂා කරන බව සදහන් වේ.

අමෙරිකානු - ශ්‍රී ලංකා සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ඉහළ දේශපාලන නායකයන් සමග නායකයන් සමග අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඔ සාකච්ජා කරනු ඇත. ශ්‍රී ලංකා චාරිකාව නිම කරමින් ඔහු ජපානයේ ඔසාකා නගරය බලා පිටත්ව යන්නේ ජී-20 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහාය.

මීට පෙර ශ්‍රී ලංකාවට අවසන් වරට අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙක් පැමිණ ඇත්තේ 2015 වසරේ මැයි මාසයේ දී ය. ඒ ජෝන් කෙරී මහතා ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top