Jun 11, 2019

ලංකාවේ පිළිකාව උත්සන්න වෙයි : දිනකට අලුතින් 76ක් ලියාපදිංවි වෙනවා

ශ්‍රී ලංකාව තුළ දිනකට පිළිකා රෝගීන් 76 දෙනෙකු අලුතෙන් ලියාපදිංචි වන බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, වි‍ශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා පැවසීය.

ඒ ආකාරයට 2018 වසරේදී නව පිළිකා රෝගීන් 28,000ක් රජයේ පිළිකායතන 24හි ලියාපදිංචි වී තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතරින් කාන්තාවන් පිළිවෙළින් පියයුරු පිළිකාව, තයිරෝයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාවලට හා ගැබ්ගෙල ආශ්‍රිත පිළිකාවලට මුහුණ දී සිටින බවද ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

මෙම පිළිකා මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් නිට්ටාවට සුවකර ගත හැකි බවත්, ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top