Jun 11, 2019

ත්‍රීවීල් ගාස්තු උස්සයි

ත්‍රිරෝද රථ ගාස්තු අද (11) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් ඉහල දමන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා කියයි.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා අය කළ ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 60 දක්වා ඉහල දමන බවද ඔහු කියා සිටී.

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් මේ පියවර ගන්නා බවද ඔහු කියා සිටියේය.

ඔහු පවසන්නේ පසුගිය හයවසර තුළම ත්‍රීවීල් ගාස්තු ඉහල නොදැමූ බවයි.

කෙසේවුවද, පළමු කිලෝමීටරයෙන් පසුව කිලෝ මීටරයට රුපියල් 40ක් අය කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top