Jun 12, 2019

ශ්‍රී ලංකාවට - බංග්ලාදේශයට සම ලකුණු

වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (11) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගය අතහැර දැමීමට විනිසුරුවරුන් දෙදෙනා වූ රිචඞ් ඉලිංවර්ත් සහ රිචඞ් කෙට්ල්බරර් යන මහත්වරු තීරණය කළහ.

ඒ අනුව දෙපිලටම ලකුණු 1 ක් බැගින් බෙදී ගියේය. තරග 4 ක් අවසානයේදී ශ්‍රී ලංකා පිල සතුවන්නේ ප්‍රසාද ලකුණු 4 ක් පමණි.

පෙරේදා (10) රාත්‍රිය පුරාත් ඊයේ (11) උදෑසන සිටත් දිගින් දිගටම පතිත වූ වර්ෂාව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීම කල් දමා සෑහෙන වේලාවක් බලා සිටීමෙන් පසුව පස්වරු 2.00 ට පමණ ( ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 6.30 ට) මේ තීරණයට විනිසුරුවෝ එළඹියහ.

එංගලන්තයේ බ්‍රිස්ටල් නුවර, ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේදී මේ තරගය පැවැත්වීමට නියමිතව තිබිණි.

කෙසේවුවද, ලෝක කුසලාන තරගාවලියේ දීර්ඝ ස්වභාවය සැලකීමේදී අඩුතරමේ තරග 5 ක වත් පූර්ණ ජයග්‍රහණ අත්කරගනිමින් මිස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම අසීරු කරුණක් ක්‍රිකට් විචාරක මතය වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top