Jun 12, 2019

රුහුණු සරසවියේ ලිංගික හිංසනයටත් කාමර : "උපකුලපති එය කලින් දන්නවා” Featured

රුහුණු විශ්වවිද්‍යාලය යනු නවක වදයට නම් දරාපු තැනක් බව එහි උපකුලපති ආචාර්ය සුජීව අමරසේන මහතා කියා සිටියදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙනිය පවසන්නේ ඔහු මේ සියලු තොරතුරු මීට පෙර සිටම දැන සිටිනවා විය හැකි බවයි.

කෙසේවුවද, රුහුණු සරසවි උපකුලපතිවරයා විසින් සිදු කර ඇති චෝදනා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රතික්ෂේප කරන බවද රැස පුවත් පතට කරුණු දක්වමින් මහිල් පවසා ඇත.

එසේවුවද, උපකුලපතිවරයාද රුහුණු සරසවියේ අධ්‍යාපනය ලැබූවක බැවින් ඔහු මීට පෙර සිටම මේ සියලු තොරතුරු දැන සිටිනවා විය හැකි බවට ද මහිල් චෝදනා කර තිබේ.

සමස්තයක් ලෙස රජයේ සියලු විශ්වවිද්‍යාල ගත් කළ නවක වදය වැනි පසුගාමී ලක්ෂණ පවතින බවත්, මහිල් බණ්ඩාර කියා සිටී.

ලිංගික හිංසනය

මාතර ප්‍රදේශයේ පැවති රුහුණු සරසවියේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උපකුලපති ආචාර්ය සුජීව අමරසේන මහතා පවසා තිබුණේ එම සරසවියේ වදකාගාර කාමර විශ්වවිද්‍යාල තුළ සකසා ගනිමින් ලිංගික වදහිංසාවට ළමයින් ලක් කරන බවත්, මේ සියලු තොරතුරු තමා සොයා ගෙන ඇති බවයි.

තමා ඒ යකඩ දොරගුළු දමා තිබු තැන් කැඩු බවත් පැවසු කුලපතිවරයා, මෙම ප්‍රදේශයට වසර 15 කින් කිසිදු ආචාර්යවරෙයෙකුට, කාර්ය මණ්ඩලයට හෝ ආරක්ෂක මණ්ඩලයට යා නොහැකි බව ද හෙළිකර තිබිණි.

අප්‍රේල් 17 වැනිදා තමා ගොස් බලන විට ශිෂ්‍ය සංගමයේ සභාපති කලා පීඨයේ ශිෂ්‍යයෙක් ළඟ පොල් ගෙඩි තිබු බවත්, ඒවා සරසවි භූමියෙන් කඩා ගෙන ඇති බවත් පැවසු කුලපතිවරයා, එම පොල් ගෙඩි විකුණා ලබා ගන්නා මුදලින් තම ශිෂ්‍ය ව්‍යාපාරයට මුදල් යොදා ගන්නා බවට ද ඔහු එහිදී චෝදනා කර තිබිණි.

තමා එය නැවැත්තු බව ද පැවසු කුලපතිවරයා, පෙරටුගාමි පක්ෂයේ මෙම සිසුන් සමහරු සමාජිකත්වය ගෙන ඇති බවත්, ඔවුන්ගෙන් විමසු විට එවැන්නක් නොමැති බව පවසන බව ද ඔහු එහිදී පවසා තිබිණි.

එම පක්ෂය විසින් සිසුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරන බව ද පැවසු කුලපතිවරයා මෙය නතර කර දැමුවේ නැති නම් ඉතා භයානක තත්ත්වයක් ඇති විය හැකි බවටද අනතුරු අඟවා තිබේ.

ශිෂ්‍ය භාවය අහෝසි කිරීම

මේ අතර, රුහුණ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා එහි ලේකම්වරයාගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට එරෙහිව පසුගිය ජුනි 11 වැනිදා ද විරෝධතාවයක් පැවැත්විණි.

සබැඳි පුවත්

අන්තරේ ලහිරු දෙරණින් කසාදයක් කරගනියි (ඡායා)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top