Jun 12, 2019

තිලංගගේ ලක්බිම සම්පූර්ණයෙන්ම වසා දමයි ! Featured

ඉරිදා ලක්බිම පුවත්පත මේ සති අන්තයේ ප්‍රකාශයට පත් නොකරණ බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

ඒ ඊයේ (11) මෙතෙක් එම පුවත්පත පවත්වාගෙන ගිය කිහිපදෙනා හා එම පුවත්පතේ හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අතර පැවැති සාකච්ඡාවේදී ඇති වූ එකඟතාවයක් මත බවද පැවසේ.

සුමතිපාල මහතා තවදුරටත් පුවත්පත පවත්වාගෙන යා නොහැකි බවත්, පුවත්පත වසා දැමීමෙන් සේවකයන්ට අසාධාරණයක් නොකරණ බවත් එහිදී පවසා තිබේ.

කෙසේවුවද, ලක්බිම කර්තෘ මණ්ඩල සාමාජික හා ඉරිදා ලක්බිම පුවත්පත පසුගිය කාලයේ පවත්වාගෙන ගිය අය අතුරින් කෙනෙකු වන මිහිරි ෆොන්සේකා මහතා මෙහිදී සුමතිපාල මහතාට පවසා ඇත්තේ තමාට දැනට සේවය කරනු ලබන පිරිස 30 දෙනෙකුට පමණ සීමා කර තමාට ලබාදිය හැකි නම් පුවත්පත පවත්වාගෙන යාම සිදුකළ හැකි බවයි.

එම ඉල්ලීමට තිලංග මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිවී නොමැත.

මේ අතර, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ ලක්බිම ඉරිදා පුවත්පතේ අලෙවිය පසුගිය කාලයේ සීඝ්‍රයෙන් පහල වැටී තිබූ බවයි.

එම පුවත්පත මෑතකදී මුද්‍රණය කර ඇත්තේ 15,000ක පමණ ප්‍රමාණයක් බවද පැවසේ.

අවසන් කාලයේදී එම පුවත්පත සුමති පුවත්පත් මුද්‍රණාලයේ මුද්‍රණය කර නොමැති අතර පුවත්පත මුද්‍රණය කර ඇත්තේ වීරකේසරී හට අයත් මුද්‍රණාලයේය.

කෙසේවුවද, සුමති මුද්‍රණාලය පුවත්පත මුද්‍රණය කිරීමට වැඩි මිලක් අයකිරීම හේතුවෙන් එය වෙනත් මුද්‍රණාලයක මුද්‍රණය කිරීමට එය අවසන් කාලයේ පවත්වාගෙන ගිය පිරිස කටයුතු කර තිබේ.

එහි දිනපතා පුවත්පත මුද්‍රණය කිරීම මීට මාස කිහිපයකට පෙර අත්හැර දමා තිබිණි.

සබැඳි පුවත්

ලක්බිම වෙබ් අඩවියත් නවතියි : සේවකයන්ට රේස් බයි රේස් රස්සා

තිලංග ලක්බිම මාධ්‍යවේදීන් සහ සේවකයන් එළියට දමයි..!

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top