Jun 12, 2019

විදුහල්පතිලා තුට්ටුවට දැම්ම අකිලගේ නිවේදනය !

දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය යොදවා ඇති බැවින් ඒ වෙනුවෙන් මව්පියන් කැඳවීම තවදුරටත් අවශ්‍ය නොවන බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියද එය කිසිදු පාසලක ක්‍රියාත්මක නොවන බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලිං මහතා කියා සිටී.

ඒ අදාළ ප්‍රකාශය අමාත්‍යවරයා කළ ජනමාධ්‍ය සංදර්ශනයක් මිස එවැනි කිසිවක් විදුහල්පතිවරුන්ට දන්වා නොමැති නිසාය.

අදාළ කාරණාව සම්බන්ධයෙන් එම අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේද සටහනක් ඇතත් එය ද විදුහල්පතිවරු තුට්ටුවකට මායිම් කර නොමැති බව පැවසේ.

නිල වෙබ් අඩවියේ මෙම පුවත වාර්තා කර තිබූ අයුරු.

Principal 670px 19 06 12

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top