Jun 12, 2019

ජනපති කමිටුවේ සාමාජික ඉලංගකෝන් පාර්ලිමේන්තු කමිටුව හමුවට කැඳවයි ! Featured

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (13) යළි රැස්වීමට නියමිතව ඇත.

ඒ අනුව එදිනට නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි යන මහත්වරුන් සාක්ෂි ලබාදීම සඳහා කැඳවා ඇතැයි වාර්තා වේ.

කැඳවීම ලබා ඇති හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ සමාජිකයෙක් ද විය.

එමෙන්ම හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පසුගිය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේය.

කෙසේ නමුත් හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා හෙට දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීම පිළිබඳ අද වන විට සමාජයේ කථාබහට ලක්ව තිබේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා මාධ්‍යට පවසා ඇත්තේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධකම් ඇති එන්.කේ ඉලංගකෝන් මහතාගේ රාජකාරීමය සමයේ දී සිදු වු පැමිණිලි සහ ඒ හා ආදාල ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම සඳහා ඔහු හෙට දිනයේ කැදවා ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top