Jun 12, 2019

මුල්ලිවයිකාල් මුහුදෙන් අමුතු සතෙක් (ඡායා)

මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ධිවර දැළකට හසුවු මුතු තල්මසෙකු ඊයේ (11) සවස නැවත සාගරයටම මුදාහළ බව මුල්ලිවයික්කාල් ධීවරයින් පවසති.

මුල්ලිවයික්කාල් ධීවරයින් පැවසුවේ තමන් එළන ලද දැළකට විශාල මාළුවෙකු හසුවි තිබු අතර, දැළ වැල්ලට ගැනීමේදී තල්මසා හසුව සිටි බව දැක ගැනීමට හැකිවු බවයි.

තල්මසා දැළට පැටලී සිටි බැවින් තල්මසා දැලින් ඉවත්කොට නැවත සාගරයටම මුදාහළ බව ධීවරයින් පැවසූහ.

මුලතිව් සාගර කලාපයේ තල්මසුන් මීට පෙරද දැල්වලට හසුව සාගරයට මුදාහළ බව ධීවරයින් සදහන් කළහ.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

Thalmaha3 670px 19 06 12

Thalmaha2 670px 19 06 12

Thalmaha1 670px 19 06 12

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top