Jun 12, 2019

පොසොන් සතිය අදින් ඇරඹෙයි

රජය විසින් අද (12) සිට ලබන 18 දක්වා පොසොන් සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

“සබ්බේ නසන්ථි දන්ඩස්ස” යන්න මෙවර පොසොන් පොහොය තේමා පාඨය ලෙස තෝරාගෙන ඇති බව සදහන්ය.

පොසොන් සතියට සමගාමීව ලබන 13වනදා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සර්ව රාත්‍රික පිරිත් පිංකම් සංවිධානය කර තිබේ. එම කාර්යයන් සඳහා අවශ්‍ය කෙරෙන මුදල් ප්‍රතිපාදන මේ වන විටත් ලබාදී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

එමෙන්ම ලබන 12 වනදා සිට 18 වනදා දක්වා රජයේ සියලුම ආයතනවල හා ගොඩනැගිලි වල බෞද්ධ කොඩිය ඔසවා තබන ලෙසත්, එම ආයතන සහ ගොඩනැගිලි පොසොන් සැරසිලි වලින් අලංකාරවත් කරන ලෙසත් ජනතාවට දැනුම් දෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top