Jun 12, 2019

ප්‍රහාර ගැන දන්න දේ කියන්න ඥානසාර හිමි, ඩිලන්න කරූගෙන් අවසර ඉල්ලයි

බොදු බල සේනා ප්‍රධාන ලේකම් (බොදු ජන පෙරමුණේ නායක) පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි හා එම සංවිධානයේ ප්‍රධාන විධායක නිළධාරි (බොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම්) දිලන්ත විතානගේ මහතාට පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ඒ ගැන පරීක්ෂණ සිදුකරනු ලබන පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාවට තොරතුරු සැපයීමට අවස්ථාව දෙන්නැයි කියමින් කථානායක කරූ ජයසූරිය මහතාට ලිඛිත ඉල්ලීමක් ලබාදී ඇත.

උක්‍ත කරුණ සම්බන්ධව වැදගත් විය හැකි තොරතුරු තමන් සතුව ඇති බැවින් හා ඒ පිළිබඳව 2012 සිට ඔවුන් විසින් අනතුරු හගවා ඇති බැවින් මේ අවස්ථාව දෙන්නැයි එහි වැඩිදුරටත් දැක්වේ.

ප්‍රසිද්ධ ප්‍රකාශ හා ආශ්‍රිත වීඩියෝ (උදාහරණයක් ලෙස මෙවැනි තත්වයක් ඇතිවිය හැකි බව 2014 දී කල ප්‍රකාශයක් ඔවුන් මේ සමඟ ලබා දී තිබේ.

එසේ කථානායකවරයාට ලබාදුන් විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.

මුස්ලිම් අන්තවාදී සංවිධාන ගැන 2014දී බොදු බලේ කළ හෙළිදරව්වක්..

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top