Jun 14, 2019

හමුදාවට ලබාදෙන ක්‍රිස්බ්‍රෝ චිකන් බල්ලන්ට කන්නදායි ! Featured

යුද හමුදාවට ලබාදෙන කුකුළු මස්වල විශ සහිත බවට ආරක්ෂක අංශ වෙත ලැබුණු ලිපියක් හේතුවෙන් එම කුකුළු මස් පිළියෙල කිරීමට පෙර සතුන්ට කන්න දීමේ ක්‍රමවේදයක් කලක පටන් යුද හමුදාව තුළ අනුගමනය කරමින් සිටින බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ කතා පැතිරයාමත් සමඟ යුද හමුදා සෙබළුන් කුකුළු මස් ආහාරයට ගැනීම ද සීමා කර ඇති බව පැවසේ.

කුකුළු මස් සම්බන්ධ කතා හේතුවෙන් පසුගිය කාලයේදී එම කුකුළු මස් කිහිප අවස්ථාවකදී රසායනාගාර පරික්ෂාවන් වලට ද ලක්කර ඇති බවද මේ අතර වාර්තා වේ.

යුද හමුදාව වෙනුවෙන් ආහාර සඳහා මස් වර්ග සැපයීමේ ටෙන්ඩර පසුගිය වසර 14 තුළම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන ෆීලික්ස් පෙරේරා මහතාගේ නමින් ඇති සමාගම විසින් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී පසුගිය මැයි මාසයේ අනාවරණය විය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට එවකට ආරක්‍ෂක රාජ්‍ය ආමත්‍යවරයාව සිටි රුවන් විජයවර්ධන මහතා ලබාදුන් පිළිතුරක් හේතුවෙනි.

පීලික්ස් පෙරේරා සහ පුද්ගලික සමාගම ලෙස සමාගමක් පිහිටුවා ගනිමින් වසර 14ක් පුරාවටම මස් සැපයීමේ ටෙන්ඩරය ලබාගෙන ඇති බවත්, තවදුරටත් මස් සපයමින් සිටින බවත් එහිදී අනාවරණය විය.

කෙසේවුවද හමුදාවට කුකුළු මස් සැපයීමේදී අදාළ සමාගම අතර මැදියකු පමණක් වන අතර ඔවුන් යුද හමුදාවට සපයනු ලබන කුකුළු මස් නිෂ්පාදන කරනු ලබන සමාගමකින් ලබාගෙන හමුදාවට සපයන බව පැවසේ.

මේ අතර, හමුදා සෙබළුන් කෑමට රුචියක් නොදක්වන්නේ එසේ කුකුළු මස් නිෂ්පාදනය කරනු ලබන ක්‍රිස්බ්‍රෝ (CRYSBRO) සමාගමාගම් නිෂ්පාදන බවද වාර්තා වේ.

හමුදාවේ ප්‍රධාන සැපයුම්කරුවෝ

මේ අතර, වික්‍රමරත්න පුද්ගලික සමාගම - වික්‍රමරත්න ගෲප් (Wickramaratne(Pvt.)Ltd - Wickramaratne Group) හා රොඩේෂියා එන්ටර් ප්‍රයිසර්ස් (Rodesha Enterprises (Pvt) Ltd) හමුදාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ මුලික සැපයුම් කරුවන් ලෙස කටයුතු කරනු ලබයි.

වික්‍රමරත්න පුද්ගලික සමාගම - වික්‍රමරත්න ගෲප් (Wickramaratne(Pvt.)Ltd - Wickramaratne Group) එහි වැඩි කොටස සපයන බවද වාර්තා වේ. වසර ගණනාවක සිට හමුදාවේ සැපයුම්කරු ලෙස මේ සමාගම කටයුතු කරන අතර ඔවුන් එතරම් දීර්ඝ කාලයක් හමුදා සැපයුම්කරු ලෙස රැඳී සිටින්නේ යුද හමුදාවට ආහාර සැපයීමේදී ඒවා මාස කිහිපයකට ණය පහසුකම් ලබාදීම නිසා බවද පැවසේ.

ක්‍රිස්බ්‍රෝ මැනේජර් මඟහැරියා?

මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට අප අවස්ථා කිහිපයකදී ක්‍රිස්බ්‍රෝ සමාගම් සමූහයේ (Crysbro Group of Companies) ජ්‍යෙෂ්ඨ වෙළඳ කළමනාකරු අම්රෝස් සෙලර්ස් (Amores Zellers) මහතා දුරකථනය ඔසුසේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔහු ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වීය. පසුව අප විසින් යොමු කළ කෙටි පණිවුඩයටකට ඔහු පිළිතුරු ලෙස තමා දැන් සිටින්නේ තානාපති කාර්යාලයේ බවත්, ඉන් පිටවූ මොහොතේම ඇමතුමක් දෙන බවට පිළිතුරක් එවා තිබුණද මේවන විට එමපිළිතුර එවා දිනකට ආසන්න කාලයක් ගතවී තිබේ.

ක්‍රිස්බ්‍රෝ සමාගම ශ්‍රී ලංකාවේ කුකුළු නිෂ්පාදන කටයුතු කරනු ලබන්නේ 1973 වසරේ සිට වන අතර ඔවුන් 2023 දී සිය 50 වැනි වර්ෂ පූර්ණය සැමරීමට ද සූදානමින් සිටී.

ක්‍රිස්බ්‍රෝ කුකුල් මස් හමුදාව තුළ ප්‍රතික්ෂේපවීම සම්බන්ධයෙන් අප යුදහමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කිරීමට උත්සාහ කළ අතර එය ද අසාර්ථක විය.

මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු වාර්තා වී ඇති අතර ඒවා සනාථකරගත් වහාම අප පළකරන්නෙමු.

සබැදි පුවත්

ඇමති ෆීලික්ස් බදාගත් යුධ හමුදාවේ මස් ටෙන්ඩරය

නෙල්නා හලාල් ඉවත් කරයි !

හලාල් ඉවත් කළ නෙල්නා හි දොස්තර කියන කුකුල් මස්වල වතුර කතාව (වීඩියෝ)

මඟුල් ගෙදර චිකන් එකේ පණුවො නිසා පොලිසියත් එයි  

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top