Jun 14, 2019

"ආර්ථික අර්බුදේ ආණ්ඩුවට ආදායම කළමනාකරනය කරන්න බැරිනිසයි" Featured

මෙරට ආර්ථික අර්බුදයට සැබෑ හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආදායම කළමනාකරණය කරගැනීමට නොහැකිවීම යැයි හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා කියයි.

රට ගොඩනැගිය හැකිය යන තේමාව යටතේ සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය

"ලංකාවේ ආණ්ඩුවේ ආදායම බිලියන පහක්. ඒ කියන්නේ රජයේ දිනක ආදායම. මේ ආදායම එකාකාරීව ගමන් කරනවා.. මේක ආදායම් නැති රටක් නෙමේ.. මේ බිලියන පහ මැනේජ් කරගන්න බැරුව මයි ඔක්කොම ප්‍රශ්න.මේක රටේ මොන ප්‍රශ්න තිබුණත් වෙනස්වෙලා නැහැ.. පසුගිය දවස්වල ප්‍ර්‍රශ්න තියෙන දවස් ගත්තහම ආදායම ටිකක් වැඩි වෙනවා.."

කෙසේ වුවද දිනකට බිලියන 5 ක ආදායමක් ලැබෙන විට ලංකාවේ වියදම දිනකට බිලියන හතක් බවද ඔහු කියා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

(දර්ශන අනුග්‍රහය අද දෙරණ)

 


 

 

 

 

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top