OPEN

#

OPEN

#

Jun 15, 2019

ඛනිජ තෙල් සංස්ථාවෙන් බැංකු 2කට කෝටි පනස්හයදහසක පොල්ලක් Featured

ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට රුපියල් කෝටි 56,200ක් ණය ගෙවීමට ඇතැයි මුදල් අමාත්‍යංශයේ 2018 වාර්තාව සඳහන් කරයි.

මෙය මෑත ඉතිහාසයේ ඛණිජතෙල් සංස්ථාව පෙන්වූ විශාලතම ණය බරබවද පැවසේ.

මුදල් අමාත්‍යංශ වාර්තාව අනුව පසුගිය රජය කාලයේ පටන් දිගටම ලාභ ලැබූ ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2018 දී රුපියල් කෝටි 1500ක පමණ අලාභයක් ලැබීය.

විදුලිබල මණ්ඩලය කෝටි 3000ක්ද ශ්‍රීලන්කන් ගුවන් සේවය රුපියල් කෝටි 1700ක්ද අලාභ ලබා ඇත.

එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ පාඩුපිට පවත්වාගෙන ආ ලංගමය 2018දී රුපියල් කෝටි 200ක ලාභයක් ලැබීම විශේෂ කරුණකි.

මේ හැර ගුවන් තොටුපොළ සමාගමද රුපියල් කෝටි 1000ක ලාභයක් 2018දී හිමිකරගෙන තිබේ.

- දේශය

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top