Jun 15, 2019

යුනිසෙෆ් ලංකාවේ ලාංඡනයෙන් 'දෙමාපියන්' හැලෙයි

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ යුනිසෙෆ් වසර 70 ක් පැරණි ලාංඡනයේ සටහන්ව ඇති මව සහ දරුවාගේ ලාංඡනයෙන් මව සංකේතාත්මකව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට අදාළව එම තීරණය ගෙන ඇත්තේ හෙටට යෙදී ඇති ලෝක පියවරුන්ගේ දිනය තේමා කර ගනිමිනි.

දරුවන්ගේ පළමු පස් වසර තුල ඔවුන්ගේ කායික හා මානසික වර්ධනය සදහා දෙමාපිය රැකවරණය අත්‍යාවශ්‍ය බව ජගත් සංවිධානයේ අදහස වේ.

එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය කරුණු හේතුවෙන් දෙමාපියන්ට එලෙස දරුවන්ට ප්‍රමාණවත් රැකවරණයක් ලබාදීමට නොහැකි වී තිබේ.

එවැනි පියවර සදහා බලධාරින් දිරි ගැන්වීමේ අරමුණින් යුනිසෙෆ් ශ්‍රී ලංකා ලාංඡනයෙන් දෙමාපියන් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගත් බව වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top