මුස්ලිම් අමාත්‍යවරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි මේ වන විට පාර්ලිමේන්තුවට ලැබි ඇති බව ඒ මහතා පැවසුවේය.
ඒ අනුව ඔවුන් සඳහා ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙලට නියෝජ්‍ය අමාත්‍යවරුන්ට පසු පවතින ආසන හිමිවේ.
කෙසේ වෙතත් පක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීරණයන්ට අනුව හිටපු අමාත්‍යවරුන් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් හා එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් යන මහත්වරුන්ට ඉදිරිපෙළ අසුන් පැනවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.