Jun 15, 2019

ලබන සතියේ ඇමතිකම් බාරගන්නාවා - හලීම්

එළඹෙන සතියේ අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීමෙන් පසු සාකච්ඡා කොට මුස්ලිම් ඇමැතිවරුන් නැවත තම අමාත්‍යධූර ලබාගන්නා බව හිටපු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා සති අන්ත පුවත්පතකට පවසා තිබේ.

මහනායක හිමිවරු ඇතුළු බහුතරයක් දෙනාගේ ඉල්ලීම නිසාත් රටේ පවතින තත්ත්වය සාමකාමී වී ඇති නිසාත් නැවතත් අමාත්‍යධූර බාරගන්නා බව හෙතෙම සඳහන් කර ඇත.

තමන් ඇතුළු කණ්ඩායම ඇමැති ධූරවලින් ඉවත් වූයේ අදාළ පරීක්ෂණ නිවැරදිව ස්වාධීනව සිදුකිරීමට ඉඩ ලබාදීමට බවත්, එසේ නොමැතිව කිසිදු අයකු බේරා ගැනීමේ අදහසින් නොවන බවත් හලීම් මහතා එහිදී සඳහන් කර තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top