Jun 15, 2019

රතන හිමිගේ අලුත් ප්‍රවේශය උතුරෙන් ! Featured

පාරම්පරික දෙමළ බහුතරයක් ජීවත්වන පලාත් වල හින්දු භක්තිකයන්ගේ විරෝධයට තුඩු දෙමින් හිඳුවා තිබෙනබුදු පිළිම ඉවත් කිරීමට ජනාධිපති උපදේශක අතුරලියේ රතන හිමියෝ ඉදිරිපත් වී සිටින බව ගගන වෙබ් අඩවිය වාර්තාකර තිබේ.

එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.

උපුටා ගැනීම...

"මන්ත්‍රීහිමියන් විසින් පෙර නොවූ විරූ ලෙසින් යාපනයේදී එම පළාත් හඳුන්වා දෙනු ලැබුයේ “හින්දුප්‍රදේශ” ලෙසිනි.

“හින්දුප්‍රදේශ වල හින්දු ජනතාව ඉන්න තැන්වල අපේ සමාජයෙන් එහෙම දෙයක් වෙනවානම් අපිටදැනුම් දෙන්න, ඒ වගේ දේවල් සඳහා පොලිසිය අවශ්‍ය නැහැ. ඒක වැළක්වීමේ හැකියාව අපිටභාරගන්න පුලුවන් බවත් මන් මේ අවස්ථාවේ කියන්න ඕනේ,”

දිනකිහිපයක් තිස්සේ උතුරු නැගෙනහිර සංචාරයක යෙදෙමින් ප්‍රචලිත කරනු ලබන උග්‍ර මුස්ලිම්විරෝධී දේශපාලනය වෙනුවෙන් දෙමළ ජනයා දිනාගැනීමට ගන්නා වීරියක් බව දිස්වන එම ප්‍රකාශයරතන හිමියන් විසින් කරනු ලැබුයේ රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්වීපිහිටුවන ලද හින්දු බෞද්ධ සංසදය මගින් සිංහල භාෂාව උගන්වනු ලැබූ සිසුපිරිසක් අමතමිනි.

මුස්ලිම් අන්තවාදීන් ලෙසින් හඳුන්වනු ලැබූ පිරිසක් දෙමළකාන්තාවන් අනූ දහසක් විවාහ කරගෙන ඉස්ලාම් ආගමට හරවාගෙන ඇතැයි මහත් උද්වේගයෙන්යුතුව කියා සිටි ජනාධිපති උපදේශක හිමියෝ ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බවටදෙමළ ජාතික සන්ධාන නායකත්වය දැඩි දෝෂ දර්ශනයට ලක් කළහ.

ඊට අමතරව මුස්ලිම්වරුන් දෙමළ හා සිංහල ව්‍යාපාරිකයන් අබිබවා වෙළෙඳාමේ නිරත වෙතැයි චෝදනා කළ රතන හිමියෝ ඊට විරුද්ධව “සිංහල දෙමළඒකාබද්ධ වෙළෙඳ පෙරමුණක්” පිහිටුවන බවට සපත කළහ.

හින්දුහා බෞද්ධ ආගම් දෙකේ සමානතා ඇතැයි සභාවට ඒත්තු ගන්නන්නට වීරිය කරමින් ඉදිරි මහ මැතිවරණයකදී මුස්ලිම්වරුන් පරාජය කිරීම සඳහා සිංහල හා දෙමළදේශපාලන එකතුවක් යෝජනා කළ අතුරලියේ රතන හිමි කියා සිටියේ එතුලින් “සිංහල දෙමලජනතාවගේ සැබෑ දේශපාලන වීරයෙක්” බිහිකරන බවයි.

“දෙමළ සිංහල එකතුවක් උනොත් අපි සීයට අනූවයි. සීයට අනූවක් උනොත් අපු සීයට දහයට බයවෙන්න ඕනේ නෑ.”

ජනාධිපති උපදේශක අතුරලියේ රතන හිමියන් මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුකෙරෙන අගතිගාමී හා අභූත චෝදනා රටේ සංහිඳියාව අවදානමේ හෙලන බවට යුරෝපා සංගම් දූත මණ්ඩලයක් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී අනතුරු අඟවා තිබියදීය.

උන්වහන්සේ දියත් කළ උපවාසයකින් ඇවිස්සීමට ඉඩ තිබෙන කෝපාවිෂ්ට කැළඹීමක් වලක්වන්නට පදවි වලින් ඉල්ලා අස්වූ බව ආණ්ඩුවේ මුස්ලිම් නායකයෝ මහනාහිමිවරුන් හමුවී ප්‍රකාශ කර තිබුනි.

උපුටා ගැනීම අවසන්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top